දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින කේෂ්ත්‍ර නිලධාරීන් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරීන්ට එන්නත ලබා දීමේ සැලැස්ම සතියක කාලයක් තුළ දැනුම් දීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
කේෂ්ත්‍ර නිලධාරීන් හා අත්‍යවශ්‍ය සේවා නියෝජනය වන වෘත්තීය සමිති නියෝජිතයින් හා කොවිඩ් කමිටුව, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු එන්නත්කරණ රාජ්‍ය ව්‍යූහයේ නිලධාරීන් සමග ඊයේ(27)දින අරලියගහ මන්දිරයේදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී මෙම අදහස් පළ විය.