Colombo Today Local News

ජනතාවට පාපැදියෙන් රැකියාවට යන්න කියන අය යන්නේ V8 වල

පාපැදියෙන් රැකියාවට යන ලෙස කියා ආණ්ඩුව ජනතාවට යෝජනා කරන බවත්, එහෙත් එසේ යෝජනා කරන පුද්ගලයන් ගමන් යනුයේ V8 වැනි සුඛෝපභෝගී මෝටර් රථවල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවැසීය. “ඔවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට” යැයි කියා තමන් ඔවුන්ට පවසන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මේ වන විට “තරගෙට මෙන්” රාජ්‍ය ආයතනවල සභාපතිවරු ඉල්ලා අස්වෙන බවත්, එසේ අස්වන්නේ හොරකම, අල්ලස, දූෂණය, වංචාව එම ආයතන තුළ පවතින නිසා බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජනබලවේගයෙන් හුස්මක්” සහ “ජනසුවය” ඒකාබද්ධව මීගොඩ ආයුර්වේද රෝහලට ත්‍රිරෝද රථයක් පරිත්‍යාග කරනු ලැබූ අවස්ථාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය. ඊයේ (27 වැනිදා) පෙරවරුවේ විපක්ෂ නායකවරයා විසින් අදාළ ත්‍රිරෝද රථය රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

“අද අපිට තමයි හොඳටම කරන්න පුළුවන් කියල ආණ්ඩුවත් කියනවා, තවත් පාර්ශ්වත් කියනවා. ඒගොල්ලන්ටලු රටේ ප්‍රශ්න හොඳටම විසඳන්න පුළුවන්. බොහොම හොඳයි. එහෙනම් ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න. මේ ආණ්ඩුව සංදර්ශනවලට දක්ෂයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරනවා. නමුත් අදටත් මේ රටේ දරුවන් අධ්‍යාපන කටයුතුවලට සිග්නල් නැතුව වහලවල් උඩට නගිනවා” යැයි හෙතෙම පැවසීය.

Related posts

නීති විරෝධීව ඉන්ධන රැස් කළ 137ක් වටලයි

colombotoday

ජනපති අපේක්ෂකයා නම් කිරීමට ප්‍රථමව මෛත්‍රී – මහින්ද රහසේ සාකච්ඡාවක.

colombotoday

වරාය අධිකාරියටත් නව සභාපතිවරයෙක්

colombotoday

මාසයක් ඉතිරිව තිබියදී හදිසියේම ලංකාවට ආ හේතුව බැසිල් කියයි…

colombotoday

නව ආරක්ෂක ලේකම්ගේ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රිය අධික වේගයෙන් ගොස් දියවන්නාවේ

Admin

ලොවපුරා රටවල්වලට කොවිඩ් එන්නත් ලබා දීමට අමෙරිකාවෙන් ඩො. බි. 2 ක මුදල් පරිත්‍යාගයක්

colombotoday