ගෙවී ගිය 2020 වසරේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිෂ්පාදන හා සේවා සම්බන්ධව වෙළෙඳපොළ වැටලීම් දොළොස්දහස් හැත්තෑවක් (12070) සිදුකර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරයි.
සිදුකළ වැටලීම් අතරින් එකොළොස්දහස් දහසයකට (11,016) එරෙහිව නඩු පවරා ඇති අතර රුපියල් හාරකෝටි අසූපන් ලක්ෂ හැත්තෑ හතරදහස් අටසියයක් (48,5,74,800) දඩ මුදල් වශයෙන් අධිකරණයෙන් නියම කර ඇත.
මීට අමතරව පසුගිය වසර තුළ මහජන පැමිණිලි එක්දහස් හයසිය තිහක් (1630) ලැබී ඇති බවද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.