Colombo Today Local News

දියවන්නා ඔයේ නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාමෙන් අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වෙලා

දියවන්නා ඔයේ අසාමාන්‍ය ලෙස ඇල්ගී වර්ධනය වීමට හේතුව ජලයේ පෝෂණ කාරක මූලද්‍රව්‍ය වන නයිට්‍ර්ජන් හා පොස්පරස් සාන්ද්‍රණය ඉහළ යාම බව විශේෂඥයින් පෙන්වා දෙති.

මෙකී ඇල්ගී වර්ධනයට ප්‍රධාන හේතුව වන්නේ දියවන්නා ජලාශයට පොස්පරස් හා නයිට්‍ර්ජන් එක් රැස්විම බවත් ජලයට එක්වෙන එම මූල ද්‍රව්‍ය අවශෝෂණය කර ගැනීමට අවශ්‍ය ශාක දියවන්නා ජලාශයේ නොමැති බවත් එම විශේෂඥයෝ පෙන්වා දෙති.

එමෙන්ම මෙහි ඇති මඩ තට්ටුව තුළ ඉහත සඳහන් කළ පෝෂණ කාරක මූල ද්‍රව්‍ය තැන්පත්වීම වැළැක්වීමට පියවර ගත යුතුව ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

ජලයට එකතුවන නයිට්‍ර්ජන් හා පොස්පරස් මගින් ඇල්ගී වර්ධනයට හේතුවන්නේ මේ නිසා බවත් මෙම ඇල්ගී මරා දැමීම ගැටළුව තවත් බරපතල කරනු ලැබිය හැකි අතර එමගින් වර්ධනය විය හැකි බැක්ටීරියා නිසා අධික දුර්ගන්ධයක් අවට පැතිර යා හැකි බවත් ඔවුන් පෙන්වා දී ඇත.

Related posts

මහ මෝල් සහල් සැපයුම 40%ට බහී

Admin

රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපතිට

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

දුමින්දට එරෙහිව බන්ධුල විනය පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

2018 වසරේ මහවිරු දිනයේදී ඝාතනය කල පොලිස් නිලධාරීන් වෙනුවෙන් පිංකමක්

colombotoday

සහල් ආනයනට ගැසට් එක ප්‍රමාදයි

Admin