Colombo Today Local NewsHot News

“ලැජ්ජ නැද්ද.. කීව වෙනස මේකද“ – බෙල්ලන්විල නාහිමියෝ ජනපතිගේ මූණටම අසයි (Video)

මහබැංකුව තුළ මහා හොරකමක් සිදුව ඇති බව රටේ පොඩි එකා පවා දන්නා බවත්, හොරුන්ට දඩුවම් දීම පසෙකලා ජනපති කොමිසන් පත්කිරීම හරහා දූෂණ යටගසා හොරු ආරක්ෂා කිරීමට කටයුතු කිරීම කණගාටුදායක බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන නාහිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ඊයේ (25) කොළඹදී පැවති ජනපතිවරයාද සහභාගී වී සිටි ආගමික වැඩසටහනකට එක්වෙමිනි.

තමන්ගේ හිත මිතුරන්ට බිලියන ගණනක් ලාබ උපයා දෙන්නට රටට පාඩු වන දේවල් කලිසම් ඇදගෙන කරන්නට ලැජ්ජා නැතිදැයි උන් වහන්සේ එහිදී විමසා සිටියහ.

ජනාධිපතිතුමනි, මේ වංචා දූෂණ නැති කරන්න තමා ඔබතුමාට රටේ මිනිස්සු ඡන්දය දුන්නේ. එක එක යෝජනා බටහිරින් එනවා. අවසාන වශයෙන් සමලිංගික සේවනයත් නිතී ගත කරන්න කියනවා සමහරු. මොන විහිළුවක්ද මේ ? යැයිද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.

Related posts

අණ නොතකා යාත‍්‍රා කල යාත‍්‍රාවකට වෙඩි තැබූ නාවික සෙබළු 12ක් රක්ෂිත බන්ධනාගාරයට

colombotoday

ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවල අත නොතබන්නැයි ඉන්දීය රජය අල් හුසේන්ට දන්වයි

colombotoday

රනිල් ශ්‍රීලනිප ඇමතිලා ලවා කොස්ඇට බාවනවා..

colombotoday

පොලිතින්, ප්ලාස්ටික් තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක්

colombotoday

ආර්ථික අපහසුතා මධ්‍යයයේ ඒකරත්න නීතිඥවරුන් වෘත්තිය ප්‍රවර්ධනයක

colombotoday

වැඩ වැරදෙන චාමර

Admin