Colombo Today Local News

“කවදාවත් නොබැණපු මිනිස්සුත් දැන් ආණ්ඩුවට බණිනවා“ – ජනපති

රුපියල් 20ක මිලකට අලෙවි කළ ලොතරැයිපතක් කිසිදු සැලැස්මක් නොමැතිව හදිසියේ රුපියල් 30ක් දක්වා වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් හිතුවක්කාර තීන්දුව නිසා ඉතා අසීරුවෙන් ජිවත්වූ අය පවා මේ ආණ්ඩුවට බැණ වදින තත්ත්වයට ඇදවැටුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයේදී අවධාරණයෙන් සඳහන් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ කිසිසේත් ලොතරැයි මිල ඉහළ දැමීමට තම අවසරය නොලැබෙන බවයි.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් ලොතරැයි පත්වල මිල වැඩිකිරීමට හේතු වූ කරුණු පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී කරුණු පැහැදිලි කිරීමට ගත් උත්සාහයේදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේබව ඉතා දැඩි ලෙස මේ බව සඳහන් කර ඇතැයි වාර්තා වේ.

අද වනවිට විවිධ බදු වැඩි කිරීම නිසා රටේ සාමාන්‍ය ජනතාව ආණ්ඩුවට බැනීමට පටන්ගෙන තිබෙන බවත්, 20,000කටත් වැඩි පිරිසක් ලොතරැයි වෙළෙඳාම සිය ජීවනෝපාය බවට පත්කරගෙන සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ඉන් බොහෝ අය දුප්පත් අසරණ ජනතාව බවත්, ඇතැම් අය අන්ධ, ආබාධිත යාචකයන් මෙන් සිටින ඉතාම අන්ත අසරණ අය බවත් පෙන්වා දී ජනාධිපතිවරයා, ලොතරැයි පත් මිල වැඩි කිරීමෙන් මෙතෙක් ආණ්ඩුවට නොබැණ සිටි එම පිරිස් පවා බණින බවද කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබේ.

Related posts

දුම්රිය ධාවනය අඛණ්ඩව

colombotoday

මුදල් ප්‍රත්පත්තිය ලිහිල් කිරීමට තීරණයක්

Admin

ජාතික ආණ්ඩුවක් ආවත් මගෙන් ඇමැති පදවි නෑ

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin

අටලූගම මුස්ලිම් කතගේ පැමිණිල්ලෙන් පසු එවැනි පැමිණිලි සිය ගණනක් බොදුබල සේනාවට ලැබුණා

colombotoday

ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට

Admin