Colombo Today Local News

එක්නැලිගොඩ නැවතත් කරළියට.. මූලික පරීක්ෂණ විභාගය යළි අරඹයි !

මාධ්‍යවේදියෙකු යැයි කියන ප්‍රගීත් එක්නැලිගොඩ නොහොත් ප්‍රදීප් රංජිත් අතුරුදන් වීම පිළිබද මූලික පරීක්ෂණ විභාගය යළි අරඹන ලෙස අභියාචනාධිකරණය අද (23) හෝමාගම මහේස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේය.

මෙම මූලික පරීක්ෂණ විභාගය පිළිබඳව පනවා තිබූ අතුරු තහනම් ඉවත් කිරීමට ද නියෝග කැරිණි.

එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අභියාචනාධිකරණයට ගොනු කළ හබයා කෝපුස් රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් මීට පෙර ඇපමත නිදහස් කෙරිණි.

Related posts

විපක්ෂ නායක විහිළු කාරයක් වෙලා : රටේ ජනතාවට උද්ඝෝෂණය කිරීමට අයිතියක් තියෙනවා

Admin

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

කොරෝනා ආසාදනය වී සුව වූ තවත් රෝගියෙක් රෝහලෙන් පිටව යයි

colombotoday

පාරිභෝගික කටයුතු අධිකාරියෙන් සිදුවන අසාධාරණ හා අකටයුතුකම් | පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකාරියට යාමට සුදානම්

colombotoday

කොළොන්නාවේ ඇළක මළ සිරුරක්

colombotoday

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin