Colombo Today Local NewsHot News

බැදුම්කර හොරු රකින්න ‘සිරිකොතේ හාමුදුරුවන්ට‘ ලක්ෂ 500ක ගතමනාවක් !

කෝට්ටේ නාලන්දාරාමාධිපති, කෝටිපති ව්‍යාපාරික තිනියාවල පාලිත හිමිට, බැදුම්කර වංචාව සාධාරණීකරණය වෙනුවෙන් පෙනී සිටීම සදහා රුපියල් ලක්ෂ පන්සීයක මුදලක් සිරිකොතට සම්බන්ධ පුද්ගලයෙකු විසින් ලබා දී ඇති බව එජාපයට සම්බන්ධ විශ්වාසදායක තොරතුරු මාර්ග වලින් අනාවරණය වනවා.

‘සිරිකොතේ හාමුදුරුවෝ‘ ලෙස හැදින්වෙන මෙම භික්ෂුව එජාප භික්ෂු පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කරන අතර, ලංකා හොස්පිටල් හි අධ්‍යක්ෂ ධූරයක්ද දරනවා. දේශපාලනයේ තිරය පිටුපස ගනුදෙනු සම්බන්ධයෙන් කුප්‍රකට චරිතයක් වන පාලිත හිමි රට පුරා අධිකරණ විනිසුරුවන් පනහකට වැඩි පිරිසක් සමග සමීප සම්බන්ධතා පවත්වන අයෙක් බවද එම ආරංචි මාර්ග සදහන් කරයි.

අගමැතිවරයාගේ මෙහෙයවීම පරිදි මෙම භික්ෂූවට අදාළ මුදල ලබා දී තිබෙන්නේ බැදුම්කර නිකුතුවේදී වංචාවක් සිදුවූයේ නැති බවට අධිකරණ තීන්දුවක් ලබා ගැනීම සදහා අවශ්‍ය කටයුතු වෙනුවෙනි.

ඒ අනුව තිනියාවල පාලිත හිමියන් විසින්, මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් නිකුත්කරන ලද  පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව (COPE) අභියෝගයට ලක් කරමින්, 2015 පෙබරවාරි 27 සහ මාර්තු 29 දිනවල සිදුකරන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය නිවැරදිවත් ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත් විධිමත් ක්‍රමවේදය අනුවත් සිදුකර ඇති බවට ප්‍රකාශයක් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මේ හේතුවෙන් අද (24) බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු විවාදය කල් දැමෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

 

Related posts

ඊයේ පත්වුණු නියෝජ්‍ය කතානායක යලි ඉල්ලා අස්වෙයි

colombotoday

රුපියල තවත් දුර්වල වෙයි

Admin

රනිල් අයි.එම්.එෆ් සමඟ යද්දි එයට විරුද්ධ වුනේ ඔහුට ජනවරමක් නොමැති නිසා

Admin

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin