Colombo Today Local News

ඒකාබද්ධය, අපි දැන් යාළුයි.. ඒ අය රෑට රෑට ජනපතිත්, මාත් හමුවෙනවා – එස්. බී

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම හතුරු කණ්ඩායමක් ලෙස තමන් නොදකින බව සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ හේවාහැ බැඹිය උනන්තැන්න පාලමට මුල්ගල් තැබීමේ උත්සවය හමුවේ මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් වෙනම රැස්වීමක් පැවැත්වීමට යාම පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසූ අතර රැස්වීම් පැවැත්වීම ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී අයිතියක් බවත්, ඔවුන් තමන්ගේ මිත්‍ර‍ සහෝදර කණ්ඩායමක් බවත්, ඔවුන් තවමත් සතුරු කණ්ඩායමක් හැටියට නොදකින බවත් සඳහන් කළ ඇමැතිවරයා එවැනි රුස්වීමක් පවත්වන්නේ නම් එයට ආශිර්වාද කරන බවත් කීවේය.

ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දී එන්නේ කොට්ඨාශ ක්‍ර‍මයක් බව කී ඇමැතෙිවරයා ශ්‍රීලංකා නිදහස් පක්ෂය එහිදී එක් කොට්ඨාශයකට එක් අපේක්ෂකයෙක් පමණක් යොදවා තරග කරන නිසා කාට කාටත් එකට එකතු වී එක් අයෙකුට පමනක් අපේක්ෂකත්වය ලබා දීමට සිදුවන බව සඳහන් කළේය.

පොදු විපක්ෂයේ රැළියට යන අය තමන්ව ද, ජනාධිපතිතුමන්ව ද, රාත්‍රීයට මුණ ගැසෙන නිසා ඒ පිළිබඳව ගැටළුවක් නැතැයිද ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

Related posts

විදුලි ඒකකයක් රු. 17ක් වැඩි මිලකට අරන්

colombotoday

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

බෙහෙත් ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පාරට බසිති

Admin

ජනපතිට එරෙහිව එජාපයෙන් දෝෂාභියෝගයක් !!

colombotoday

පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්

colombotoday