Colombo Today Local NewsUncategorized

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ආධාර ලබා දීමට කොරියානු රජය සිය එකඟත්වය පළ කර තිබේ.

ඒ , කොරියානු තානාපති සන්තූෂ් වූන්ජින් ජියොන්ග් (Santush Woonjin Jeong) මහතා සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් අද (28)දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති අවස්ථාවේදී ය.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් , අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මේ අනුව

🔺පුනර්ජනනීය බලශක්තිය

🔺ගණිත සහ භාෂා සංවර්ධනය

🔺තාක්ෂණික සංවර්ධනය

🔺මානව සම්පත් යන අංශයන්හි සංවර්ධනය උදෙසා ආධාර ලබාදීමට සිය එකඟත්වය පළ කර ඇති බවයි.

කිලිනොච්චි දිස්ත්‍රික්කය සඳහා “ප්‍රාථමික සහ ද්විතීය අධ්‍යාපනය සඳහා වඩාත් හොඳ භෞතික පරිසරයක් ගොඩනඟා දීම” මැයෙන් වන ව්‍යාපෘතිය යටතේ

🔺 ගුරු පුහුණුව සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් සඳහා ආදර්ශ විද්‍යාල 04ක් ක්‍රියාවට නැංවීම

🔺පන්තිකාමර අලුත්වැඩියාව සහ ඉදිකිරීම්

🔺පාසල්වල විශේෂ අධ්‍යාපනික ඒකක සඳහා අවශ්‍ය උපකරණ ලබා දීම

🔺ශ්‍රව්‍ය දෘෂ්‍ය උපකරණ පාසල්වලට සහ ගුරුවරුන්ට සැපයීම

🔺ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ශක්‍යතා සංවර්ධනය සඳහා වැඩසටහන් ක්‍රියාවට නැංවීම

🔺සමාජ ඒකාබද්ධතාවය වර්ධනය කරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම

ආදී ක්‍රියාකාරකම් ගණනාවක් එම ව්‍යාපෘතිය මගින් සිදු කිරීමට අපේක්ෂිත බවත් මෙහිදී වැඩිදුරටත් සඳහන් විය.

එමෙන්ම මෙරට තාක්ෂණික අධ්‍යාපනය සඳහා නව ජාතික අධ්‍යාපන විද්‍යාලයක් අලුතින් පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡානට භාජනය වී තිබේ.

Related posts

මුහුදේ ගිලී දරුවෙක් අතුරුදන්

Admin

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩි, මස්සිනා සහ තැරැව්කරුට ඇපදීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

colombotoday

ලංගම බස් රථවල ටිකට් ගන්න අලුත් ක්‍රමයක්

Admin

දඩයමේ ගිහින් තැබු වෙඩි පහරක් වැදී පුද්ගලයෙක් මරුට

colombotoday