පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ අතුරලියේ රතන හිමියන් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත නව බලවේගයට තමන්ද එක්වන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
කැබිණට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (18) එක්වෙමිනුයි ඇමතිවරයා මේ බව සදහන් කළේ.
“ආණ්ඩුවේ යම් දුර්වලතා තියනව… එක දවසින් යහපාලනය හම්බවෙන්නෑ. එහෙම මෝඩ සිතුවිලිවල අපි හිටියෙත් නැහැ. එතන හිමි හදන සංවිධානය බොහොම හොද එකක්. මමත් එනව ඒකට. අපි දෙන්නා ගැළපෙන්නැති තත්ත්වයක් තිබුණා. නමුත් ඒවා අයින් කරගත්තා“ යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.