Colombo Today Local News

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්.”

රට තුළ මතුව ඇති ගැටලුකාරි තත්ත්වයට පක්ෂ පාට භේදයෙන් තොරව සියලු පාර්ශ්වයන් එක වේදිකාවකට පැමිණිය යුතු කාලය එළඹ ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

කෙසේවෙතත් තම පාලන කාලය තුළ මෙතරම් ගැටලුකාරී ඉරණමකට ජනතාව මුහුණ නොදුන් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කියා සිටියේය.

“මගෙන් පස්සේ මම භාරදුන්නේ, ප්‍රශ්න නැති ලස්සන රටක්. මිනිස්සු කාලා බීලා හිටියා. ගොවියෝ හොඳට ගොවිතැන් කළා. ප්‍රශ්න මගේ කාලයේ නොතිබුණා නෙමෙයි. නමුත් මේ රටේ පුරවැසියන්ගේ දෛනික ජීවිතය අද වගේ තත්ත්වයකට ඇදවැටිලා තිබුණේ නෑ. ආණ්ඩුවට දොස් කීමෙන් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ. ආණ්ඩු කරන අයත් නොකරන අයත් සියලුදෙනා එකට එකතුවිය යුතු අවස්ථාවක්. රටේ සියලු දේශපාලන පක්ෂ, නායකයින් එක වේදිකාවට ඇවිල්ලා රට බේරගන්න, පෙනි පෙනී ඇදගෙන වැටෙන රට උඩට උස්සන්න කටයුතු කළ යුතු අවස්ථාවක්. අපිට අද ගල් ගැහුවට, අපිට අද චරිත ඝාතන කළාට අද මට හොරෙක් කිව්වට, මට නින්දා අපහාස කළාට ඒවට අපි සැලෙන්නේ නෑ. අවුරුදු 54කට ආසන්න පක්ෂ දේශපාලන ජීවිතයේ නින්දා අපහාස අපවාද සියල්ල මට හොඳට හුරුයි. අද අපේ රටේ ප්‍රශ්න ගොඩයි. ගොවි ජනතාව ජීවත් වෙන්නේ කඳුලෙන්. මේ ගොවි දුක මම පාර්ලිමේන්තුවේ දැන් අවුරුද්දක් විතර කතා කරනවා. පොළොන්නරු ජනතාවගෙන් ඡන්දය අරන් ගිහින් පොළොන්නරුවෙන් ඉන්නවා ආණ්ඩුවේ මැති ඇමතිවරු තුන්දෙනෙක්. මං හැර. ඒ එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ හරි ඉන් පිට හරි ගොවි ජනතාවගේ දුක ගැන කතා කරනවාද? නැහැ. හැමදේටම yes සර්. ඔව් සර්.එච්චරයි.”

Related posts

හෙරොයින් කිලෝ 3ක් සමග පෙදරේරුවෙක් අල්ලයි

colombotoday

ඔහොම නෙවයි.. ගහන්නේ මෙහෙමයි, බැටන් පොල්ලෙන් ගහන හැටි ජවිපෙ කියා දෙයි – Video

colombotoday

කොවිඩ් – 19 ආසාදනය වී ඇතැයි සැක 251 ක් රෝහල් 28කදී ප්‍රතිකාර ගනියි

colombotoday

කොම්පඤ්ඤ වීදිය ගුවන් පාලම අද සිට විවෘත වේ

Admin

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

රට වටෙන් තුවක්කු – බෝම්බ හමුවේ : පොලිස් මෙහෙයුම් දැඩි වේ

colombotoday