Colombo Today Local News

පෞද්ගලික බස් සේවා ආරම්භ කිරීමට සහන දෙන්න

කොවිඩ් පාලන නීති රීති හේතුවෙන් වසර එක හමාරකට ආසන්න කාලයක් අකර්මන්‍යව පැවති පෞද්ගලික බස් කර්මාන්තය යළි ආරම්භ කිරීම සඳහා බස් රථ හිමියන්ට යළි ලබා දිය හැකි සියලු සහන ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍ර වන්නිආරච්චි මහත්මිය නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ, පෞද්ගලික බස් හිමියන් සමග ප්‍රවාහන අමාත්‍යාංශයේදී අද (28)දින පැවති සාකච්ඡාවකදී ය.

බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබා ගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම, මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම, බලපත්‍ර රහිතව මගී ප්‍රවාහනයේ යෙදීම නැවැත්වීම, ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට දී ඇති අවසරය පෞද්ගලික බස් ධාවනයට ද අවස්ථාව ලබා දෙමින් ඒකාබද්ධ කිරීම වැනි කරුණු බස් හිමියන් මෙහිදී අමාත්‍යවරියට ඉදිරිපත් කළේ ය.

Related posts

තවත් ඔටෝ ඩීසල් නැවක් දිවයිනට… තොග ගොඩබෑම අද සිට

colombotoday

“ජවිපෙ ගෙනෙන 20 නියමයි” – ෆෙඩරල් ව්‍යවස්ථාව හදන ලාල් විජේනායකගෙන් සහතිකයක්

colombotoday

බදුර්දීන්ගේ නිවසේ ගිනිගෙන මියගිය දැරිය ගැන රහස් රැසක් එලියට

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

ඉඩ නැති නිසා කළුබෝවිල රෝගීන් එළිමහනේ

colombotoday

රැකියා නැති 65කට උපදේශක රැකියා දීම දූෂණයක් නොවේ – ඇමති කිරිඇල්ල

colombotoday