Colombo Today Local News

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

සේවා කාලය නිමා කර සිය රට බලා පිටත්ව යාමට නියමිත මෙරට අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.

දෙරට අතර සහයෝගිතාව වර්ධනය කර ගැනිම සඳහා ඇලයිනා මහත්මිය දැක්වූ සහය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක්ව ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී අමෙරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී කෘතඥතාව පළ කර තිබේ.

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ ඇති තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිවරයාට සහ රජයට ස්තූතිය පළ කර ඇතැයි වාර්තා වේ.

ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය සුභාශීංසන එක් කර තිබේ.

Related posts

අද රත්තරන් මිල අඩුයි

Admin

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාර දෙයි

colombotoday

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය රනිල් ප්‍රතික්ෂේප කරයි

colombotoday