World

මනුෂ්‍ය ඝාතනයක් කල කුකුළෙක් අල්ලයි

පොර කුකුළෙකු ගේ ප්‍රහාරයක් හේතුවෙන් එම කුකුලාගේ හිමිකරු ඝාතනය වීමේ පුවතක් ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

“රාජා” යන නාමයෙන් හඳුන්වන මෙම පොර කුකුළා තෙලංගනා ප්‍රාන්තයේ, ගෝලපාලි නම් ග්‍රාමයේ පිහිටි කෝවිල් උත්සවයක් ආසන්නයේ පැවති පොර කුකුල් තරගයක් සඳහා ඉදිරිපත් කොට ඇත..

මෙම පොර කුකුළා තරගයෙන් පළා යාමට උත්සාහ කිරීමේදී ඔහුව අල්ලා ගැනීමට හිමිකරු වන සතිෂ් යන අය උත්සහ කිරීමේදී කුකුළාගේ පාදයේ ගැට ගසා තිබු “කෝඩි කත්ති” (සටනේ දී ප්‍රතිවාදියාට පහර දීම සඳහා සකසා කුකුළා ගේ පාදයේ ගැට ගසා ඇති අඟල් 3ක් දිගැති තියුණු පිහියක්) පිහිය හිමිකරුගේ සිරුරේ සංවේදී ස්ථානයක ඇනිමෙන් සිදුවූ අධික රුධිර වහනය වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් රාජා යන කුකුළාව පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර නඩු භාණ්ඩයක් ලෙස ඉදිරියේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම පොර කුකුල් තරගය සඳහා පුද්ගලයින් 15දෙනෙකු පමණ සහභාගිවී ඇති අතර ඔවුන් සොයා මෙහෙයුමකද ආරම්භ කර ඇත.

පොර කුකුල් තරග තහනම් වන අතර ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල තවමත් මුදලට මෙවැනි තරග පැවැත්වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

Related posts

සිරගතව සිටි සැම්සුන් සමාගමේ ප්‍රධානියා නිදහස් කරයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin

කේරළ ප්‍රාන්තයේ නාය යාමෙන් මියගිය ගණන ඉහළට

colombotoday

ට්‍රම්ප් බයිබලයට අත තබා දිවුරයි.. ඉස්ලාම් අන්තවාදය අතුගා දමන බවට සපථ කරයි !

colombotoday

ඉන්දු – ජපන් ඒකාබද්ධ JIMEX නාවික හමුදා අභ්‍යාසය අවසන්

colombotoday