යුක්රේනයේ සිට සංචාරකයින් 185 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩබස්වා තිබේ.
එම සංචාරකයින් පිරිස දින 10ත් 14ත් අතර කාලයක් මෙරට රැඳී සිටිනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි.
කොවිඩ් -19 වසංගතය හමුවේ අත්හිටුවා තිබූ මෙරටට සංචාරකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළ අද (28)දින සිට යළි ආරම්භ වී තිබේ.