Colombo Today Local News

ප්‍රභාකරන් යළි එනතුරු ද්‍රවිඩ සන්ධාන ඇමති බලා සිටී

කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ලොව කොහේ සිටියත් මේ භූමියට යළි පැමිණිය යුතු බවත් ඔහු යළි පැමිණේවී යැයි තමා විශ්වාස කරන බවත් උතුරු පළාත් ධීවර හා ප්‍රවාහන අමාත්‍ය පී.ටෙනීස්වරන් පවසයි.

පසුගිය 14 වනදා යාපනය වැල්වැටිතුරේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

“මීට මාස කිහිපයකට ඉහතදී, වැල්වැටිතුරය ප්‍රදේශයට මා ගිය අවස්ථාවේදී, නායක ප්‍රභාකරන් අයියන්ඩියගේ නිවස නිරීක්‍ෂණය කළෙමි. ඔහුගේ නිවස නිරීක්‍ෂණය කළ යුතුය යන විශාල උනන්දුවකින් පැමිණියෙමි. ඒ අනුව, මේ ලෝකයේ කුමන ප්‍රදේශයක සිටියත්, ඔහු නිරෝගීව ජීවත් විය යුතුය. අපගේ ජනතාව සඳහා වන මුලික අයිතිවාසිකම් ලැබෙන අවස්ථාවේදී, අපගේ කැමැත්ත නායකතුමා නැවත මෙම භූමියට පැමිණිය යුතු බවයි.“ යනුවෙන් ඩෙනීෂ්වරන් ප්‍රකාශ කර ඇත.

Related posts

(LIVE) මහින්ද එන “ජන සටන” විරෝධතා රැලිය සජීවීව බලන්න

colombotoday

‘දැන් නම් රනිල් – මෛත්‍රීට ඡන්දයකින් දිනනවා තියා හිතන්නවත් බෑ‘ – ආචාර්ය නිර්මාල්

colombotoday

ඔහුව යුද හමුදාපති කරන්නැයි ෆොන්සේකා මගෙන් ඉල්ලා සිටියා – විමල්

colombotoday

වැඩි කළ ලිට්‍රෝ ගෑස් මිල යළි අඩු කරයි – අලුත්ම මිල ගණන් මෙන්න

colombotoday

බස් රථයක ගමන් ගනිමින් සිටි කතක් අසුනේම මිය ගිහින්

colombotoday

ශරීර උණුසුම ඉහළ ගිහින්… ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්

colombotoday