Colombo Today Local News

එක්සත් අරාබි එමීර් රාජ්‍ය වැසියන්ට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක ගමන් තහනමක්

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 14ක සංචාරය කිරීම තාවකාලිකව තහනම් කර තිබේ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව,පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, දකුණූ අප්‍රිකාව, වියට්නාමය ඇතුළු රටවල් 14ක් සඳහා ලබන 21 වන දින දක්වා බලපැවැත්වෙන පරිදි එම තහනම පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එමෙන්ම ශ්‍රී ලංකාව ඇතුළු අදාළ රටවල සිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පැමිණෙන ගුවන් ගමන් ද ලබන 21 වන දින දක්වා අත්හිටුවිමට ඔවුන් පියවර ගෙන තිබේ.

විශේෂයෙන් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ අවදානම, එරට බලධාරින් එම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වේ.

Related posts

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් තවත් 10ක් අත්අඩංගුවට

colombotoday

ට්‍රම්ප් පාලනය සමග ශ්‍රී ලංකාව නිල සාකච්ඡා අරඹයි !

colombotoday

නඩු විභාගයන් සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා සජබෙන් නීතිපතිට ලිපියක්

colombotoday

අදින් පසු රාජ්‍ය මුදල් වැය කළොත් ජනපතිගේ ප්‍රජා අයිතියද නැතිවිය හැකියි

colombotoday

යූරියා මිල අද සිට පහළ ට

Admin

මට වහ බොන්න හිතෙනවා – චන්ද්‍රිකා

colombotoday