තමන් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.
අද (16) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේය.
විපක්ෂයට එක්වීමට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට එක්වීමට කැමැත්තක් නොදක්වන බව පැවසූ උන්වහන්සේ ජාතික ප්‍රශ්න හමුවේ බලපෑම් කළ හැකි පුළුල් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමට තමන් දායකත්වය දක්වන බව ද සඳහන් කළේය.