Colombo Today Local News

විදුලිය, ජලය, ආහාර අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ඇතිවිය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීම සඳහා විදුලිය, ජලය සහ ආහාර ද්‍රව්‍ය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ජලය, විදුලිය සහ ආහාර උපරිම පිරිමැස්මකින් භාවිත කරමින් නියඟය හරහා ඇතිවන අහිතකර බලපෑම අවම කරගන්නා ලෙස ද එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටී.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති කාලගුණ අනාවැකිවලට අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඉදිරි මාස කිහිපය තුළ වියළි කාලගුණ තත්ත්වයක් හරහා නියං තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතී.

ඉදිරියේ දී වී වගාව ඇතුළ අනෙකුත් බෝග මෙම කාලගුණ තත්ත්වයේ බලපෑම යටතේ විනාශ වීමේ දැඩි විභගයක් පවතින හෙයින් කෘෂි කළමනාකරණ කටයුතු සඳහා දැඩි අවශ්‍යතාවයක් මතු ව ඇති හෙයින් ඒ සඳහා කෘෂිකර්ම අංශවල පූර්ණ දායකත්වය අපේක්ෂා කෙරේ.

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය සමඟ විශාල වැව් සහ කුඩා වැව්වල ජලය සීඝ්‍රයෙන් පහත බැසයාමේ අවදානමක් දැනට මතුව ඇති හෙයින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය වෙත මේ සඳහා ජල කළමනාකරණ කටයුතු සිදු කිරීමට දායකවන්නයැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

(රජයේ නිල පුවත් සේවය)

Related posts

මත්පෙති 18,000ක් පේසාලේ දී STF භාරයට

Admin

චීනයෙන් රුපියල් බිලියන 16ක්

colombotoday

කොරෝනා රෝගීන් තවත් ඉහළට

colombotoday

වල්සපුගල ‌ගොවීන්ගේ සත්‍යග්‍රහය අඛණ්ඩව

colombotoday

ඌරනී වෙර⁣ළ තීරයේ දිය නාමින් සිටි දෙදෙනෙකු අතුරැදහන් වේ.

colombotoday

අගමැතිගේ තීරණයකට ජනපති එරෙහි වෙයි.. ආණ්ඩුව ගිණියම් වෙයි.. ‘සම්මුතිය‘ දෙදරණ ලකුණු !

colombotoday