Colombo Today Local News

ශ්‍රීලනිපය මොනව කීවත් විධායක ජනපති ධූරය අහෝසි කරනවා – අජිත් පී පෙරේරා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුමන මතයන් දැරුව ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසූයේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව, 2020 දී ජනාධිපතිවරණයක් පිළිබඳ කතාකිරීම කල් නොමේරු තත්ත්වයක් ලෙස දැක්විය හැකි බවද ඒ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරණය නොව මහමැතිවරණයට තම පක්ෂය බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින්, පාර්ලිමේන්තුව වඩාත් ශක්තිමත් කර ජනතාවට සැබෑ ලෙස වගකියන පාර්ලිමේන්තුවක් පිළිබඳ වූ අරමුණ කෙරෙහි අග්‍රාමාත්‍යවරයා මෙන්ම ජනාධිපතිවරයාද කටයුතු කරමින් සිටින බවයි.

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පාර්ලිමේන්තුව අත්හිටුවීමට ජනපතිගේ අවධානය

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

colombotoday

එක රටක් තුළ තිබිය හැක්කේ එක් නීතියක් පමණයි – ගෝඨාභය රාජපක්ෂ

colombotoday

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්

Admin

අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

colombotoday