World

අමෙරිකාවෙන් තලෙබාන් සංවිධානයට අනතුරු අඟවීමක්

කුමන ප්‍රහාර එල්ල වුවද ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

එම මෙහෙයුම අතරමඟ නතරකිරිමේ බලාපොරොත්තුවක් නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාර හමුවේ එම මෙහෙයුම් කඩාකප්පල් කිරිමේ හැකියාවක් නොමැති බවත් ත්‍රස්තවාදීන්ට මේ සඳහා වන්දිගෙවීමට සිදුවනු ඇති බවද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබේ.

තලෙබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්තානය අත්පත් කරගැනීමෙන් අනතුරුව පසුගිය 15 වනදා සිට මේ දක්වා අමෙරිකාව විසින් පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසක් ගුවන් මගින් ඉවත්කර ඇති බව වාර්තා වෙයි.

ලබන අඟහරුවාදා දිනයේ මුදා ගැනීමේ කටයුතු අවසන් කිරිමට අමෙරිකාව සැලසුම්කර තිබේ.

ඊයේ දිනයේදී කාබුල් නුවර, ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර දෙකකින් අමෙරිකානු හමුදා සෙබළුන් 13 දෙනෙකු ඇතුළු විශාල පිරිසක් මියගොස් තිබුණි.

මේ අතර ඇෆ්ගනිස්ථානයේ පවතින නොසන්සුන් වාතාවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවක් කැඳවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් විසින් පියවර ගෙන තිබේ.

එහි ස්ථිර සාමාජික රටවල් වන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය, රුසියාව සහ චීනය යන රටවල් සඳහා ආරාධනා කරමින් ඊයේ දිනයේ මහලේකම්වරයා විසින් ලිපි යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලබන සඳුදා එම සාකච්ඡාව සිදුකිරීමට නියමිතව තිබේ.

තලෙබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගැනීමට පෙර පසුගිය 16 වනදා ආරක්ෂක මණ්ඩලය අවසන් වරට රැස්විය.

Related posts

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

colombotoday

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

ඇමරිකාවේ මීළග තහනම පාකිස්ථානයට.. තවත් රටවල් ගණනාවක් පෝලිමේ !

colombotoday

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday

තලේබාන් රජය ඇෆ්ගනිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරීයා නෙරපති

colombotoday

ප්‍රංශයේ අධිවේගයට ගුවන් යානයක් කඩා වැටෙයි

Admin