Colombo Today Local News

විමල් ගැන මෙතෙක් නොකී රහසක් බොදු බල සේනාවේ දිලන්ත හෙළිකරයි

මුස්ලිම් ජනතාව හිටපු ජනාධිපතිවරයාගෙන් ඈත් කිරීම සදහා බොදු බල සේනා සංවිධානය නෝර්වේ අරමුදල් ලබාගෙන කුමන්ත්‍රණයක් සිදු කළේ යැයි මතය ඇතිකළේ පසුගිය රජයේ ඇමතිවරයෙකුව සිටියදී විමල් වීරවංශ මහතාය. රට තුළ හිස ඔසවමින් පවතින ඉස්ලාමීය අන්තවාදය පිළිබදව රජයේ නිද්‍රාශීලි පිළිවෙත සහ ඉස්ලාමීය අන්තවාදයට සුදු හුණු ගාමින් සිංහල බෞද්ධ සංවිධාන වෙත චෝදනා එල්ල කළ ඇමතිවරුන් විවේචනය කරමින් බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නුගේගොඩ ප්‍රසිද්ධ වේදිකාවක කළ දේශනයකදී විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් කළ එක්තරා ප්‍රකාශයක් හේතුවෙන් ඔහු බොදු බල සේනා සංවිධානය සහ ඥාණසාර හිමියන් කෙරෙහි දැඩි ලෙස වෛර බැදගත් බවත්, බොදු බල සේනා සහ ඥාණසාර හිමියන්ට එරෙහිව ඔහු විසින් ප්‍රහාර එල්ලකිරීම ඇරඹුණේ ඉන් පසුව බවත් ඒ දිනවල කතාබහට ලක්විණි.

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් බොදු බල සේනා විධායක නිලධාරී, කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින්, මෙතෙක් නොකී සිදුවීම් කිහිපයක් මෙළෙස හෙළිකර තිබෙනවා.

“විමල් වීරවන්ශ බොදු බල සේනා වටා ගොඩ නැගුන සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින ජාතික දේශපාලනය දුර්වල කරන්න රාවණා බලකාය අතුලු කණ්ඩායම් කිහිපයක් ඇති කරලා අපේ හාමුදුරුවන්ගේ නායකත්වය තනි කරන්න වගේම මම CIA හා නොර්වේ එජන්තයෙක් කරන්න ගනු ලැබූ උත්සහය පිලිබදව කනගාටු වෙනවා. ඔහු මාව විනාශ කරන්න සැලසුම් කලේ 2013දී. මම ඒක ඔහුගේ මූනටම ඇහුව්වා එදා පාර්ලිමෙන්තුවේ කමිටු ශාලාවක දී. ඔහු දක්ෂ කථිකයෙක්. ආකර්ෂණීය දේශපාලකයෙක්. මම ඔහුව දන්නෙ ඔහු 2000 පළාත් සභාවෙ ඉන්න කාලෙ. මාවරමන්ඩියෙ කොමියුන්කෙශන් එක හා ඇදුම් කඩේ බිරිද කරද්දි. එයාගෙ ඉල්ලීම පිට JVP රට හදන සැලැස්මෙ පිටු දෙකක් ලියලා දුන්නා. එතකොට මම කොළඹ විශ්ව විද්‍ යාලෙ කථිකාචාර්ය . අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක . මම එයත් එක්ක ඒ දවස්වල රුසියාවේ , ජිනීවා හා පැරිස් වලට ගියා. සුසිල්ප්‍රෙමජයන්ත , බන්දුල ගුනවර්දන හා ප්‍රසන්න රණ්තුන්ග ත් ඒ ගමන ගියා. මම තමයි ඒ ගමන බස්නාහිර පළාත් සභාව වෙනුවෙන් සම්බන්ධීකරනය කලෙ.

විමල් ගේ අත්අඩංගුවට ගැනීම ගැන අපිට කියන්න තියෙන්නෙ ඔහු කරපු වැරදි වලට ඔහු අත්අඩංගුවට ගන්න කොට මේ රටේ තව අයත් අත්අඩංගුවට ගත යුතුයි.

මේ ජරා ජීර්ණ දේශපාලනයත් අත්අඩංගුවට ගත යුතුයි. දේශපාලකයින් දුටු විට අපිට මතක් වෙන්නෙ කම්බ හොරු. ඇතිවන්නෙ අප්පිරියාවක්…

විමල් වීරයෙක් වගේ කෑ ගැහූවට හිරේ ඉන්න විතරක් නෙමෙ දුක් විදින්න බැරි තරමක බය පුද්ගලයෙක් බව එයාව ලගින් ඇසුරු කරපු අය දන්නවා.

කොහොම උනත් කිසිම පුද්ගලයෙකු හිරේ ඉන්නවා කියලා කාලකන්නි සතුටක් අපට නැහැ.

විමල් , මහින්ද අතුලු බොදු බලේට චෝදනා එල්ල කරන සිංහල බෞද්ධ වීරයින්ට අපි 2013 ඉදලා කියන්නෙ අපේ කුමන්ත්‍රණ හෙලි කරන්න කියලා බොරු ටෝක් නැතිව…“

Related posts

නරක් වූ පුවක් තොගයක් යවලා… සනත් ජයසූරියට මුම්බායි අධිකරණයෙන් වරෙන්තු

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

දරුවකු යොදාගෙන ඇෆ්ගන් ත්‍රස්‌තයෝ මංගල උත්සවයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්‌

colombotoday

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරිනීතිය පැනවේ

colombotoday

රුපියල තවත් බාල්දු වෙනහැටි

colombotoday

ඉන්ධන නොමැතිව පිරවුම්හල් 90 % ක් අක්‍රීයයි..

colombotoday