උතුර නැගෙනහිර සෑම බෞද්ධ විහාරස්ථානයකටම හමුදා ආරක්ෂාව ලබාදීමට රජය පියවර ගෙන ඇත.
මේ සදහා අදාල නියෝගය පසුගිය සතියේදී ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
ඒ අනූව මහාමාර්ග අසල හා වෙනත් ස්ථානවල පිහිටුවා ඇති බුදුපිළිම වල ආරක්ෂාව සදහාද හමුදාව යොදවා තිබේ. පසුගිය සතියේ ත්‍රී’මලේ පොලිස් වසම 04ක බුදුපිළිම කිහිපයක් කිසියම් පිරිසක් විසින් කඩාබිද දැමීමේ සිද්ධියෙන් අනතුරු ව රජය මෙම තීරණය ගෙන ඇත