Colombo Today Local News

ලක්විජය බළාගාරයේ බත්තලක් සැඩ සුළඟට ගසාගෙන යයි

නෙරොච්චෝලේ ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප‍්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය සමාගමකට අයත් බත්තලක් අද අළුයම සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න ගොඩ ගසා තිබේ.

එහි සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අට දෙනා,නාවුක හමුදාව හා ඉලංතඩිය ධීවරයන් මුදා ගෙන තිබේ. මුහුදේ පවතින අධික සුළං තත්ත්වය නිසා මෙම බත්තල ඇළවී අනතුරට පත්වීමට ගොඩට ගසා ගෙන ඇත.

ප‍්‍රධාන නෞකාවෙන් බලාගාරයට ගල්අඟු‍රු ප‍්‍රවාහනය කරන බත්තලක් මෙසේ අනතුරට ලක්ව තිබේ. මෙම බත්තලේ ගල් අගුරු ටොන් 700 වැඩි ප‍්‍රමාණයක් ඇති බවත් දැන් මෙහි ජලයද පිරී ඇති බවත් මෙයින් ඞීසල් පිට වීමක් සිදු විය හැකි බවයි ප‍්‍රදේශයේ ධීවරයෝ සදහන් කරති.

Related posts

පොලිස් අධිකාරීගේ නිවසටත් හොරු පැනලා

colombotoday

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

පොලිසියේ අවමබලය වැඩිකරන්න අලුතින් කඳුළු ගෑස්‌ සහ බැටන්පොලු 1000ක් ගෙන්වයි

colombotoday

පොරොන්දු ඉටුකළෙත් නෑ.. අල්ලපු හොරෙකුත් නෑ.. ඡන්දෙකට ගියොත් අපට ඇපත් නෑ” රංජන්

colombotoday

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

colombotoday

අයිතිවාසිකම් ඉල්ලා මුස්ලිම් පිරිසක් උද්ඝෝෂණයක

colombotoday