ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වන අපේක්ෂක ලයිස්තුවට සිංහල අපේක්ෂකයන්ට අමතරව දමිළ සහ මුස්ලිම් අපෙක්ෂකයන් ඇතුළත් වන බව ජාතික හෙළ උරමයේ පළාත් පාලන කමිටුවේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් පවසයි.
මේ වන විට පළාත් පාලන මැතිවරණය සදහා අපෙක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මේ සදහා දිස්ත්රික් 18ක නියෝජිතයන් සහභාගී වන බව උන්වහන්සේ පැවසූහ.
– දිනමිණ