ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු ඇමති විමල් වීරවංශ මහතා සිරගෙවල් හතක දැමූවද ඔහුගේ කට වැසිය නොහැකි බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ඔහු මේ බව පැවසුවේ රිමාන්ඩ් බන්ධනාගත කර ඇති විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද පැවසීය,
“මම කළින්ම කිව්වා මේක වෙනවා කියලා.. අපි දන්නවා 22 කට ඉස්සෙල්ලා එයා ගන්නවා කියලා.. ඩිලාන් පෙරේරා ඉතිං හැම ඩීල්මනේ එයා ඉතිං ඒකේ ඇතුළේ ඉදන් අපිට ඩීල් කියනවා.. මට එකක් විශ්වාසයි විමල් වීරවංශ හිරගෙවල් 7 ක දැම්මත් එයාගේ කට වහන්න බෑ.”