Colombo Today Local News

හම්බන්තොට ආයෝජන කළාපය අවශ්‍යයි – චමල් රාජපක්ෂ

හම්බන්තොට ඇතුළු ආසන්න අනෙකුත් ප්‍රදේශවල සංවර්ධනය සඳහා ආයෝජන හා කර්මාන්ත ඇතිවිය යුතු බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. ජනතාව වඩාත් කලබලයට පත්වූයේ හම්බන්තොටින් ඉඩම් අක්කර 15000ක් ගන්නා බවට සඳහන් කළ නිසා බවත් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විනාශයක් වැළැකුණු බවත් මන්ත්‍රීවරයා පැවසීය.

හම්බන්තොටට කර්මාන්ත එන්න ඕන. කිසි‍වෙකුටත් හානියක් ‍නො‍වන විදියට එය සිදුවිය යුතු ‍වෙනවා. හම්බන්‍‍තොට ගැන කතාකරන විට වරාය හැදු‍වේ කර්මාන්ත හදන්න. ඒකට පවරාගත් භූමියක් ති‍බෙනවා. ඊටත් අමතරව ඉඩම් අවශ්‍ය නම් ‍යොදාගත හැකි ඉඩම් ති‍බෙනවා. ඊට අමතරව ‍මොණරාගල, මාතර, ඇඹිලිපිටියට ව්‍යාප්ත කරන්න පුළුවන්.

පසුගිය අපේ ආණ්ඩුව 2014 සැප්තැම්බර් මාස‍යේ දී වරාය අධීකාරිය චයිනා හාබර් සමාගම සමඟ ගිවිසුමකට අත්සන් කර ති‍බෙනවා. මම ඉල්ලනවා ඒ සම්බන්ධ‍යෙන් සළකා බලන්න කියා.

Related posts

නිරෝධයන නීති නොතකමින් කොරෝනා පැණිය ගන්න ජන ගංගාවක් ධම්මිකගේ නිවසට

colombotoday

විදෙස් දූත කාර්යාල නැවත අ‍රින්න අනුමැතිය

Admin

ඇමති චම්පිකගේ පියා කලුරිය කරයි

colombotoday

ආරක්ෂක ලේකම් ධුරයේ වෙනසක්?

colombotoday

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

සප්‍රයිස් ලොක්ඩවුන් වසංගත විද්‍යාවට විරුද්ධයි. ලොක්ඩවුන් රැල්ලක් ඇති වෙන්න පුළුවන්

colombotoday