Colombo Today Local News

රජයේ ණය ගැනීමේ සීමාව රු. බි. 400කින් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

රජයේ ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,397 දක්වා තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2020 අංක 7 දරන විසර්ජන පනත මගින් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 2,997ක ණය සීමාවක් සඳහා අනුමැතිය දී තිබිණ.

එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් පැන නැගී ඇති තත්ත්වය මත රජයේ ආදායම අඩුවීමත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වියදම්, ආදායම් අහිමිවූවන්ගේ සමාජ ආරක්ෂණය සුරක්ෂණය කිරීම, අදායමෙන් වැටුප් ගෙවන ලද ආයතනවල ආදායම අහිමිවීම හේතුවෙන් වැටුප් හා අනෙකුත් වියදම් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබාදීමට සිදුවීම ඇතුළුව වෙනත් ක්ෂේත්‍ර කිහිපයකම වියදම් වැඩිවීම හේතුවෙන් 2021 වර්ෂය සඳහා වන අනුමත ණය සීමාව ඉහළ දැමීමට සිදුව ඇති බව කැබිනට් යෝජනාවේ සඳහන් ය.

ඒ අනුව අනුමත රුපියල් බිලියන 2,997 ක ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 400 කින් වැඩි කිරීමටත් ඒ සඳහා එකී විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ තිබේ.

Related posts

ඩයනාගේ රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එක ගැන විමර්ශනයක් ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Admin

ලලිත් වීරතුංගට සහ අනුෂ පැල්පිටට සිරදඬුවම් හිමිවූ සිල් රෙදි නඩුවේ ඇපෑලේ තීන්දුව හෙට

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

ජාතික හැඳුනුම්පත් සේවා ගාස්තු නැවතත් ඉහළ දමයි

Admin

දියවන්නාවේ නවකයෝ 17ක් චීනයේ සුහද සවාරියක

colombotoday

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ලඟ තබාගත් පුද්ගලයින් 330 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday