හදිසි අසනීප තත්ත්වයක් නිසා ජනාධිපතිවරයාට අසාධ්‍යව ඇති බවට වෙබ් අඩිවි කිහිපයක් සහ සමාජ ජාලා වාර්තා කරද්දී, ජනපතිවරයා පෙරේදා (03) රාත්‍රී කොළඹ හිටපු නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා වෙනුවෙන් කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී ඇත.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැලේසියානු නව තානාපති ධුරය සදහා පිටත්ව යන මුසම්මිල් මහතාට සුභපැතුම් එක්කර තිබේ.
මෙම භෝජන සංග්‍රහයට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, රවී කරුණානායක, මලික් සමරවික්‍රම ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන් රැසක්ද, මුසම්මිල් මහතාගේ පවුලේ සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වී ඇත.