Colombo Today Local News

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ජාතික ව්‍යාපාරයෙන් සමුගැනීමට සූදානම් වන බව උන්වහන්සේට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ජපානයේ සම්බෝධි විහාරයේ වැඩ සිටින උන්වහන්සේ සියරට පැමිණීමෙන් අනතුරුව ලබන 7වනදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වෙන බොදු සමුළුවට සහභාගී වීමට නියමිතය. එහිදී උන්වහන්සේගේ සමුගැනීම ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ඉන් අනතුරුව ඉන්දියාවේ බරනැස් විහාරය වෙත පිටත්ව යනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසයි.

දශක දෙකකට වැඩි කාලයක් පුරා සිංහල බෞද්ධ ජාතිකවාදි ව්‍යාපාරවල පෙරටුගාමී චරිතයක්ව කටයුතු කළ ඥාණසාර හිමියන් සිංහල බෞද්ධ ජනතාව මුහුණ දී සිටින අර්බුද සම්බන්ධයෙන් මෑතකාලීනව බොදු බල සේනා සංවිධානය හරහා සිදුකළ මැදිහත්වීම දැඩි ආන්දෝලනයකට ලක්විය. ඒ හේතුවෙන්ම මෙරට මෙන්ම විදේශීය ඉස්ලාමීය අන්තවාදීන්ගේ සහ ක්‍රිස්තියානි මූලධර්මවාදීන්ගේ දැඩි වෛරයට පාත්‍රවීමට උන්වහන්සේට සිදුවිය.

කෙසේ වෙතත් පක්ෂ, විපක්ෂ දේශපාලකයන් හා විවිධ පාර්ශව දිගින් දිගටම එල්ල කරමින් පවතින චෝදනා, අවලාද පිළිබදව උන්වහන්සේ දැඩිලෙස කළකිරීමට පත්ව සිටින බවත්, එම නිසා මෙරට ජාතික ශාසනික සේවාවෙන් ඉවත්වීමට තීරණය කළ බවත් උන්වහන්සේට සමීප ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ශ්‍රී ලංකාව තවදුරටත් මැදි ආදායම් ලබන රටක් – “ගැප්” ක්‍රමයට ණය ගන්න රජය තීරණය කරයි

colombotoday

ජනපති, අගමැති, සම්බන්ධන්, හකීම්, බදියුදීන් නව ව්‍යවස්ථාව ගැන රහස් සාකච්ඡාවක !

colombotoday

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට රකින හැටි ගෝඨාභය කියයි

colombotoday

අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේ

colombotoday

මා ජනාධිපතිවීම වලක්වන්න කුමණ්ත්‍රනයක් ක්‍රියාත්මකයි

Admin