Colombo Today Local News

“රෑ වැටුණු වලේ දවල් වැටෙන්නෑ.. අපි එකතු වෙන්නෑ“ පොදු ජන පෙරමුණ දැඩි තීන්දුවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා මේ දිනවල පැතිරෙන කසු කුසුවක් පිළිබඳව තම පක්ෂයේ මතය අද ජනමාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය.

තම පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර යම් එකඟතාවයක් පවතින බවට විවිධ කට කතා මේ දිනවල පැවැත්වෙන බව පැවසූ හිටපු අමාත්‍යවරයා, එය ශ්‍රී ලංකා නිදහස් පාක්ශය අවංක චේතනාවකින් කරන දෙයක් නොව, තවත් එක් දේශපාලන උපක්‍රමයක් බවත් තම පක්ෂය අවභෝධ කරගෙන සිටින බවත් පැවසීය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය තම පක්ෂය සතුව තිබෙන බවත්, රජය මේ ගෙන යන ඊනියා වැඩපිළිවෙළට විරුද්ධ සැමට තම පක්ෂයේ මූලිකත්වයෙන් ගොඩ නැගෙන පුළුල් සන්ධානය හා එක්විය හැකි බවත් වැඩි දුරටත් පැවසීය.තමන් රෑ වටුනු වලේ දවල් වැටීමට කිසිදු සූදානමක් නැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී වරුන් මේ දිනවල ගෙනය එජාප විරෝධී වැඩ පිළිවෙල ඉතා ව්‍යාජ විරෝධයක් පමණක් බවත් ජී එල් පීරිස් විසින් අවධාරණය කර සිටියේය.

Related posts

මෙරට නිෂ්පාධිත ගිනි අවි 8ක් සමඟ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

එදා මෙදාතුර මේ රටේ පැවැති දුර්වලම ආණ්ඩුව මෛත්‍රි-රනිල් හවුලයි

colombotoday

රෝසි ඝා-තන සැලසුමක්?

Admin

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

නෙළුම් කුළුනෙන් පැන්නේ අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන්න දෙන්නගේ හොඳම මිතුරියක්

Admin

කැලණි ගඟට වැටුණු සැරයන්ගේ සිරුර දින 7කට පසු හමුවෙයි

Admin