World

තුර්කියේ ස්ථාන්බුල් අගනුවරට ප්‍රහාරයක්.. නව අවුරුදු උදාවේ ත්‍රස්තයෝ වැඩ අල්ලයි

තුර්කියේ ඉස්ථානබුල් නුවර රාත්‍රී සාමාජ ශාලාවකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ, ප්‍රහාරයෙන් පුද්ගලයින් 35 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තවත් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ය.එරට වේලාවෙන් අලුයම 1.30ට පමණ මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ප්‍රහාරකයා සැන්ටා ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිට ඇති බව ඉස්තාන්බුල් ආණ්ඩුකාරවරයා විදෙස් මාධ්‍යට පවා තිබේ.

ප්‍රහාරය ත් සමග ඉස්තාන්බුල් නුවර ආරක්ෂාව තර කර ඇති අතර නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 17,000ක් යොදවා ඇතැයි, පැවසේ.ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ සාමාජ ශාලාව තුළ පුද්ගලයින් විශාල පිරිසක් සිට ඇති බව ද වාර්තා වේ.

Related posts

ඩ්‍රෝන ප්‍රහාරයක් වැරදී සිවිල් වැසියන් 86ක් ජීවිතයෙන් වන්දිගෙවයි

Admin

කොරෝනා වෛරස ආසාදිතයින් හමු නොවූ රටවල් 10ක්

colombotoday

සේවයේ නියුතු කාන්තාවන්ට නිවාසවලට වී සිටින්නැයි, තලේබාන් සටන්කාමීන් දන්වයි

colombotoday

ගාසා තීරයේ එකම පිළිකා රෝහලට ඊශ්‍රායල ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක්

Admin

බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවෙන් දෙවන වරටත් ISIS ඉලක්ක වෙත දරුණු ප්‍රහාර (Video)

colombotoday

ටෙටෝවෝ නගරයේ කොවිඩ් රෝහලක ගින්නක්

colombotoday