සිමෙන්ති කොට්ට ලක්ෂ 02ක් රැගත් තවත් නෞකාවක් හෙට දිවයිනට ළඟාවන බව සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් පවසයි.
ඔවුන් සඳහන් කරන්නේ, පසුගිය සතියේ ද සිමෙන්ති කොට්ට ලක්ෂ 06ක් රැගත් නෞකා දෙකක් දිවයිනට පැමිණි බවයි.
කෙසේ වෙතත්, අධික ඉල්ලුම හේතුවෙන් ඇතැම් ප්රදේශවල සිමෙන්ති හිඟයක් වාර්තා වන බව ද ඔවුන් පවසයි.
නාගරික නිවාස ඉදිකිරීමේ කටයුතු මෙන්ම වෙනත් පෞද්ගලික අංශයේ ඉදිකිරීම්වලට තවදුරටත් වැඩි ඉල්ලුමක් පවතින බව ද සිමෙන්ති ආනයන සහ දේශීය නිෂ්පාදකයින් සදහන් කරයි.