Colombo Today Local News

QR කෝඩ් එකෙන් සියලු තොරතුරු දැන ගත හැකි සංචාරක මඟ පෙන්වන්ගේ අලුත් වන හැඳුනුම්පත

සංචාරක මාර්ගෝපදේශක හැඳුනුම්පත අවභාවිත කරන මාර්ගෝපදේශකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ඇමැතිවරයා මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ ඊයේ (26)දින පැවැති සංචාරක ව්‍යාපාරය ක්‍රමවත් කිරීම සඳහා සංචාරක මාර්ගෝපදේශකයන් සූදානම් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන යන වැඩපිළිවෙළ හඳුන්වාදීමේ වැඩසටහනට එක්වෙමින්ය.

මේ යටතේ මාර්ගෝපදේශකයන් සඳහා වර්ණ සහිත නව හැඳුනුම්පතක් ලබා දෙන අතර මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් මෙහි එක් අරමුණක් වේ.

සංචාරක මාර්ගෝපදේශකයන් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ යටතේ ජාතික තලයේ සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් 1580ක් ලියාපදිංචි කර ඇති අතර ඔවුන් සඳහා කොළ පැහැති හැඳුනුම්පතක් ලබා දෙයි.

රියැදුරු සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස ලියාපදිංචි වී සිටින 1336කට කහ පැහැති හැඳුනුම්පතක්ද, ප්‍රාදේශීය සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස ලියාපදිංචි වී ඇති 747 සඳහා දුඹුරු පැහැති හැඳුනුම්පතක්ද ලබා දී ඇත.

ඊට අමතරව ස්ථානීය මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන් ලෙස ලියාපදිංචි වී සිටින 93 දෙනා සඳහා රතු පැහැති හැඳුනුම්පතක්ද ලබාදී ඇත.

මෙම හැඳුනුම්පත්වල කිව්.ආර්. කෝඩ් එක මගින් මාර්ගෝපදේශකයා පිළිබඳ සියලු තොරතුරු දැන ගැනීමේ හැකියාව සංචාරකයාට හිමිවන අතර විදේශීය සංචාරකයෙක්ට තමන් සමග සිටින මාර්ගෝපදේශකයා පිළිබඳ හොඳ හෝ නරක සම්බන්ධයෙන් මේ හරහා දැනුවත් වීමටද හැකියාව ලැබේ.

Related posts

හංගේරියානු විදේශ ඇමති දිවයිනට

colombotoday

ගුරු – විදුහල්පති විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

Admin

දැරියකට ලිංගික අතවරයන් කළ අසල්වැසි ඥාති පස්දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

නඩු 17කට වරෙන්තු නිකුත් වූ සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

තවත් ගෑස් පිපිරීමේ සිද්ධි 3ක්. දැනට අනතුරු 5යි

colombotoday

ගංජා ගෙන්වීමේ ප්‍රබල ජාවාරම්කරුවෙකු වන ටාසන් නැමැත්තාට අයත් කේරළ ගංජා තොගයක් අල්ලයි

colombotoday