Colombo Today Local News

පුතාට පොලිස් නිලධාරීන් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වෙනවා – මෛත්‍රී ගුණරත්න

නීති ශිෂ්‍යයෙකු වන තම පුතාට පෑලියගොඩ පොලිස් ස්ථානය තුළදී නිලධාරීන් පිරිසක් විසින් පහරදීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් බලාපොරොත්තු වන බව හිටපු ආණ්ඩුකාරවරයෙකු වු නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

මිගාර ගුණරත්නට පෑලියගොඩ පොලිස් ස්ථානයේදී ඊයේ (25)දින රාත්‍රී පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පහර දී තිබුණි.

එහිදී ඔහු සඳහන් කළේ, “පොලිස් නිලධාරියෙක් ඇවිල්ලා කියලා තියෙනවා ඇයි ඔයා මොබයිල් ෆෝන් එක පාවිච්චි කරන්නේ කියලා. පුතා කියලා තියෙනවා පොලිස් නිලධාරියාට ඇයි ඔබතුමා මාස්ක් එකක් දාන් නැතුව කතා කරන්නේ කියලා. ඊට පස්සේ තමයි පහරදීම පටන් අරන් තියෙන්නෙ. මෙයාව පල්ලෙහා තට්ටුවේ ඉඳලා උඩ තට්ටුවට ගෙනියලා පොලුවලින් අතින් පයින් පහරදීලා තියෙනවා. තුවාල වුණාට පස්සේ පොලිස් රාජකාරියට බාධා කිරීම කියලා නඩු දාලා,” යනුවෙනි.

පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ ඇති වූ මෙම සිද්ධියෙන් පසු පොලිස් නිලධාරීන් සිව් දෙනකුගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Related posts

මහනුවර ඇසළ මහා පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

colombotoday

චන්ද්‍රිකා සමග මංගලගේ කල්ලිය රනිල් අගමැති කිරීමේ මෙහෙයුමක

colombotoday

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

කෘතගුණ දැක්වීමේ උතුම් ගුණය සිහි කරන, අස්වැන්න නෙලීමේ උත්සවය අදයි

Admin

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin