Colombo Today Local NewsHot NewsNew Constitution

සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි.. අස්ගිරි මහානාහිමියන්ගෙන් ඉලලීමක්

“අද බලයේ සිටින බොහෝ දෙනා කියන්නේ එකක්‌ කරන්නේ තවත් එකක්‌. රට, ජාතිය, ආගම ගැන කැක්‌කුමක්‌ නැති පිරිස්‌ අද රටේ සම්පත්වලින් නිසි ප්‍රයෝජන නොගෙන ඒවා විකුණමින් මුදල් සෙවීමට උත්සාහ කරනවා…..” යෑයි අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියෝ පැවසූහ.

නව ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව රටේ ජනතාවට නිසි අවබෝධයක්‌ නැති බවත් ත්‍රස්‌තවාදයෙන් මුදාගත් රට යළි විනාශවීමට කිසිසේත් ඉඩ දිය නොහැකි බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.විදෙස්‌ රටවල වෙසෙන ශ්‍රී ලාංකීකයන් පිරිසක්‌ එක්‌ව ඇතිකරගත් ශ්‍රී ලංකා ගෝලීය සංසදයේ නියෝජිත පිරිසක්‌ පෙරේදා (27 දා) රාත්‍රියේ අස්‌ගිරි මහ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්‌ථාවේදී උන්වහන්සේ එසේ පැවසූහ.

මෙම අවස්‌ථාවේ අදහස්‌ දැක්‌වූ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමියෝ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන හරහා බෞද්ධ සංස්‌කෘතියට රටේ භෞමික අඛණ්‌ඩතාවට සිංහල ජාතියට අයහපතක්‌ වෙනවා නම් සෑම පුරවැසියකුම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත් එය සෑම ශ්‍රී ලාංකිකයකුගේම යුතුකමක්‌ හා වගකීමක්‌ බවත් අවධාරණය කළහ. ශ්‍රී ලාංකීය ජාතියක්‌ ලෙස මෙම මාතෘ භූමිය තුළ අපට ඇති ස්‌වාධීනත්වය අහිමි වුවහොත් ලෝකයේ අසරණ ජාතියක්‌ බවට පත්වීමේ ඉඩකඩ ස්‌ථීරවම ඇතිවන බව ද උන්වහන්සේ පැවසූහ.

දේශපාලනයේ යෙදෙන පිරිස්‌ අවස්‌ථාවාදී ලෙස ක්‍රියාකරමින් රටට, ජාතියට අයහපතක්‌ වන විට නිහඬව සිටින තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව ද ලේඛකාධිකාරී හිමියෝ පැවසූහ.

Related posts

අපි බලයට නාවානම් මහින්ද රට ගිහිල්ලත් හමාරයි.. දැන් බලන්නකො ලෝකෙම අපට ගරු කරනවා

colombotoday

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

colombotoday

බස්නාහිර පළාතේ අපරාධ කල්ලි 25 ක් !

colombotoday

ආගමික අන්තවාදය ගැන හොයන්න විශේෂ විමර්ශන ඒකකයක් ඥානසාර හිමි ඉල්ලති.

colombotoday

ලොකු ලූනු මුවාවෙන් ගෙන්වූ කහ

colombotoday

“ලලිත් – අනූෂට දඩුවම් කර ඇත්තේ බුදු දහම රැකීමට මා දුන් නියෝගය පිළිපැදීම නිසයි” – හිටපු ජනපතිගෙන් නිවේදනයක්

colombotoday