Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවට ශ්‍රීලනිපයේ යෝජනා භාරදෙයි

නව ව්‍යවස්ථාව තුල මැතිරවරණ ක්‍රමය සංශෝධනය විය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කරනූ ලැබුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව ඊයේ (26)දින මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

එමෙන්ම බුද්ධාගම සුරක්ෂිත කිරීම සහ එයට ප්‍රමුඛත්වය ලබාදීම වගන්ති ඇතුළත්ව තිබීම. ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් මෙන්ම සතුන්ට සිදුකරන වද හිංසා පිළිබඳව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය යුතු බවද සඳහන් කර තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

“එහි තිබෙන ප්‍රධානම කාරණා තමයි බුද්ධාගම සුරක්ෂිත කිරීම සහ එයට ප්‍රමුඛත්වය ලබාදීම කියන වගන්ති ඇතුළත්ව තිබීම. මෙම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය වෙනස් වෙන්නට ඕනේ. පරිසරය සුරක්ෂිත කිරීම, මිනිසුන්ට වගේම සතුන්ට සිදුකරන වද හිංසා පිළිබඳව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්න ඕනේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අධිකරණ බලය පළාත්බද මහාධිකරණවලට ලබාදිය යුුතුයි කියලත් අපි යෝජනා කරනවා. පළාත් සභා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරලා තියෙන්නේ තවදුරටත් බලය විමධ්‍යගත කිරීමේ සංකල්පයට අපි එකඟයි, ඒ අනුව දිස්ත්‍රික් සභා ක්‍රමයක්, පැරණි තිබුණු සෙනෙට් සභාවට සමාන දෙවෙනි මන්ත්‍රණ සභාවක්. නියෝජිතයිත් සහ විද්වතුන් එකතු කරලා ඒ සභාව සෑදිය යුතුයි. අපි විශේෂයෙන්ම කියා සිටිනවා නව ව්‍යවස්ථාවෙන් මනාප ඡන්ද ක්‍රමය නැති කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිය සැරෙත් රැවට්ටුවා. අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේ 20වන ව්‍යවස්ථා සංශෝධනය නමින් මනාප ක්‍රමය නැති කරලා ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු පත්කරන ක්‍රමයක් ලබාදෙන පොරොන්දුව මත.”

Related posts

උපවාසයේ නියුතු හිමිනම එම ස්ථානයේම අපවත් කරවීමේ සැලසුමක්… උපවාසය අත්නොහරින්නැයි දැඩි බලපෑම් !

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණය නීත්‍යානුකූලයි – නීතිපත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday

ප්‍රකාශයක් දෙන්න ගියේ නැතැයි, අල්ලස් කොමිසම නාමල්ට නඩු දමයි !

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

“මම කෑ ගහනකොට ඔයාලත් කෑ ගහන්න” අගමැති රනිල් එජාප මන්ත්‍රීන් පෙළඹවූ හැටි මෙන්න (Video)

colombotoday

යුක්තිය වෙනුවෙන් විශේෂ රථවාහන මෙහෙයුමක්

Admin