Colombo Today Local News

වනඅලියෙකු පහරදීමෙන් තිදරු පියෙක් මරුට

අද (27)දින උදෑසන වනඅලියෙකු පහරදීමෙන් 58 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

පොළොන්නරුව අත්තනකඩවල යාය 31 ප්‍රදේශයේදී මෙම වනඅලි ප්‍රහාරය එල්ල වී තිබේ.

හේනේ සිට අද උදෑසන තම නිවෙස වෙත පැමිණෙමින් සිටියදී ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇත.

වනඅලියා එම පුද්ගලයාට පහරදී මීටර් 50ක පමණ දුරක් ඔහුව ඇදගෙන ගොස් තිබූ බව ගම්වාසීන් පවසයි.

ගම්වාසීන් චෝදනා කරන්නේ තම ගම්මානය වටා විදුලි වැටක් ඉදිකර දී තිබුණත් එහි විදුලිය නොමැතිවීම හේතුවෙන් වනඅලි නිතරම ගම්වදින බවය.

මේ අතර අම්පාර කොටවෙහෙර ප්‍රදේශයේදී ද වනඅලියෙකු පහරදීමෙන් 28 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වූ පුවතක් ඊයේ (26)දින වාර්තා වී තිබුණි.

Related posts

“ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන්න තවත් පනතක් හදනවා”

Admin

විරෝධතාකරුවන් පිරිසක් හඟුරන්කෙත පොලිසිය වටලයි : පොලිසියෙන් වෙඩි

Admin

මෑන් පවර් සේවක සංගමයේ උප සභාපති පැහැරගන ගොස් ඇත්තේ සුදු වෑන් රථයකින්

colombotoday

කටුනායකදී පළා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

colombotoday

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 816 ක්

colombotoday

හවුලක් නැතිව තනියෙන් එන අය භයානකයි… ගෝඨා නිසැකවම පැරදවිය යුතුයි…

colombotoday