Colombo Today Local News

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර

මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති, නිමල් ජී පුංචිහේවා මහතා පවසන්නේ මැතිවරණ ආචාරධර්ම උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව මෙරට මෙතෙක් නීතියෙන් දඩුවම් ලබාදිය නොහැකි බවය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු නිමල් පුංචිහේවා මහතා,

“කොමිෂන් සභාව මැතිවරණ අවස්ථාවක ඉදිරිපත් කරනවා ආචාරධර්ම. එතකොට මේ ආචාරධර්ම ඉදිරිපත් කරලා අපි ගැසට් කරනවා. නමුත් මේ ආචාරධර්ම කඩකරා කියලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් දැනට නෑ. ව්‍යංගාර්ථයෙන් සමහර දේවල් කරන එක විතරයි. ඒ නිසා අපි යෝජනා කළා මේ ආචාරධර්ම නීතිගත කරන්න. ඒක කඩ කිරීම මැතිවරණ වරදක් ලෙස සලකන්න. එතකොට මැතිවරණ වරදක් ලෙස සැලකුවොත් තමන්ගේ ආසන නියෝජිතත්ත්වය මන්ත්‍රීධූරය අහිමිවෙනවා. දැන් සමහරවිට අවුරුදු ගාණකට අහිමි කරන්න පුළුවන්. ඒ ගැන විකල්ප ගැනත් හිතන්න. තේරීම් කාරක සභාවට කොමිෂන් සභාව හැටියට අපේ අදහස් අපි ඉදිරිපත් කළා. අපි දන්නවා සමහර නියෝජිතයෝ හැසිරෙන විදිය. පහුගිය කොමිෂන් සභාවේ ඔබ දකින්න ඇති අපිට ප්‍රකාශයක් කරන්න සිද්ධවුණා පළාත් පාලන ආයතනවල නියෝජිතයින්ගේ හැසිරීම් පිළිබඳව. මහජන නියෝජිතයෝ හැටියට වාද විවාද කිරීම වෙන දෙයක්. අතින් පයින් ගුටිබැට හුවමාරු කරගෙන පොලිසි ගානේ ගිහින්, රෝහල් ගානේ ගිහින්, මහ පාරේ පහර දීගෙන ඉන්නකොට මිනිස්සුන්ට පේන්නේ මහජන නියෝජිතයින් ගැන කලකිරීමක්.”

Related posts

තව ටික දවසකින් අවශ්‍යනම් පමණක් හාල් පොල් ගන්න කියයි

Admin

සාමාන්‍ය පෙළ ලියූ සිසුන්ගෙන් 45% ක් ඉංග්‍රීසි අසමත්

colombotoday

බැදුම්කර කොමිසමේ දුන් සාක්ෂි අවසන් වාර්තාවේ නෑ.. කඩුවෙන් වහන්න අලියා ලොකු වැඩිවෙයි !

colombotoday

වියන්ගොඩ මහ සභාවක භික්ෂූන්වහන්සේට අපහාස කරයි.. අයෙක් නැගිටවිත් කණ පිරෙන්න අමතයි (Video)

colombotoday

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට තවත් නියෝගයක් : අද පස්වරු 6.00 ට වාර්තා කරන්න

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday