Colombo Today Local News

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ගහලා

අම්බලන්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියට අයත් අම්බලන්ගොඩ ඉන්ධන පිරවුම් පොළෙන් සිය වාහනවල ඉන්ධන ටැංකියට පුරවන පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇතැයි කියමින් අද (27)දින වාහ රියදුරන් හා එම ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

අතිවූ තත්ත්වය මැඩ පැවැත්වීමට පිරවුම් පොළ අසළට පොලීසියද කැදවීමට සිදුවිය.

තමන් ධාවනය කරනු ලබන රථ වාහනවලට ගැසූ පෙට්‍රල් වල භූමිතෙල් අන්තර්ගතව ඇතැයි කියමින් වාහන රියදුරන් පිරිසක් අද (27)දින අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොළට සිය වාහන ගාල් කරමින් කෑකෝ ගැසීමත් සමගම මේ උණුසුම් තත්ත්වය හට ගත්තේය.

මෙහිදී රථ වාහන රියදුරන් හා ඉන්ධන පිරවුම් පොලේ සේවකයින් අතර දැඩි උණුසුම් වචන හුවමාරුවක්ද සිදු විය.

මේ තත්ත්වය එන්න එන්නම වර්ධනයවීමත් සමඟම සේවකයින්ට පොලීසිය හා සිය ආයතන ප්‍රධානීන් කැඳවන්නටද සිදුවූහ.

අම්බලන්ගොඩ සමූපකාර ඉන්ධන පිරවුම් පොලෙන් ගැසූ පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර ඇති නිසා සිය වාහන ධාවනය කිරීමට නොහැකි බව කියමින් රථ වාහන රියදුරන් පිරිස් කෑකෝ ගසමින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කර තමන්ටවූ අසාධාරණයට සාධාරණයක් කර දෙන ලෙස ඉල්ලා සිටියහ.

Related posts

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවක

colombotoday

2015- 2019 බුද්ධි සමාලෝචන රැස්වීම් ගැන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙයි

colombotoday

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin

නිලාවේලි පරෙවි දූපත තාවකාලිකව වසයි

Admin

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin