මල්වතු අස්ගිරි මහානාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ කරන ලද ප්‍රකාශයෙන් ඔහු මහා නාහිමිවරුන් අවතක්සේරුවට ලක්කර ඇති බව පැවිදි හඩ සංවිධානය පවසයි.
එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ අගමැතිවරයා ගැලපෙන්නේ පාර්ලිමේන්තුවට නොව චිත්‍රපටයකට පමණක් බවයි.
මහා නාහිමිවරුන්ගේ ජාතික කාර්යභාරය හෑල්ලුවට ලක්කරන ඇගමැතිවරයා උන්වහන්සේලා සිටින්නේ පන්සිල් දීමට පමණක් යැයි අදහස් කර තිබෙන බවද උන්වහන්සේ පවසයි.