Colombo Today Local News

නිකවැරැටිය මූලික රෝහලට ඔක්සිජන් පරිත්‍යාගයක්

නිකවැරැටියේ දානපතියන් පිරිසක් කොරෝනා රෝගීන් ගෙන් පිරීගොස් ඇති නිකවැරටිය මූලික රෝහලට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර් තොගයක් අද(26) දින පරිත්‍යාග කළහ.

මේ සඳහා වයඔ ග්‍රාමීය බැංකු සංගමය ,නිකවැරටිය ප්‍රාදේශීය සභාව ,⁣ කොබෙයිගනේ පොලිස්ථානාධිපති ,නිකවැරටිය බුද්ධ්මා සමූහ ව්‍යාපාරය ,සහ ග්‍රීන්හට් සමූහ ව්‍යාපාර මේ සඳහා දායකත්වය සපයා තිබුණි.

නිකවැරටිය රෝහල් කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර ලබන රෝගීන් ගේ ඔක්සිජන් අවශ්‍යතාවයන් ඉහල ගොස් පවතින අවස්ථාවක අසරණ රෝගීන්ගේ ජීවිත බේරා ගැණීම සඳහා මෙවැනි පරිත්‍යාගයක් කිරීමට ලැබීම විශාල මාණසික සතුටක් බව එම පිරිස සඳහන් කළහ.

මෙම අවස්ථාවට නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධීකාරී වෛද්‍ය පමිල අධිකාරී ,රෝහල් කොරෝනා වාට්ටු බාර වෛද්‍යවරුන් වන වෛද්‍ය හේමන්ත විජේරත්න ,වෛද්‍ය අසංක හේරත් යන මහතුන් ඇතුලු රෝහල් වෛද්‍ය ,හෙද ,කාර්ය මංඩලද ,නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම් .පි .පතිරණ මහතා ඇතුලු දානපතින් පිරිසද එක්ව සිටියහ.

Related posts

රන්ජන් රාමනායක පිරිමි ගණිකාව, සෝමාගේ හොර මිනිහා – නිමල් ලංසා සහ රංජන් අතර ගැටුමක්

colombotoday

රිය අනතුරකින් පාසල් සිසුවියක් පදික මාරුවේදී මරුට

colombotoday

උතුරු – නැගෙනහිර ඉඩම් 2019ට පෙර නිදහස් කරන්න – ජනපතිගෙන් උපදෙස්

colombotoday

රාජසභා මණ්ඩපය ඩෝසර් කලේ අට පාස් රස්තියාදුවෙක්.. ගෝඨාභය ජනාධිපති කලේ මේව වෙන්න නොවෙයි

colombotoday

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට පවරාගත් ඉන්ධන හල් වලින් කිව්.ආර් නැතුවම තෙල් බෙදයි

Admin

කොළඹට එන සියලු දෙනාට මුඛ ආවරණ පළඳින්නැයි ඉල්ලයි

colombotoday