මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සී මියගිය දැරිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාලව අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තු මන්ත්රීවරයාගේ බිරිය, ඇගේ පියා, තරැව්කරු සහ සහෝදරයා අගෝස්තු මස 9 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරුවන් අද (26)දින යළි කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
මේ අතර මියගිය දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සිරුර යළි ගොඩ ගැනීමටද මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.