Colombo Today Local News

දිස්ත්‍රික්ක අනුව ගෑස් වලට උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල නියම කරමින් ඊයේ (25) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව LPG (එල්.පී.ජී) අඩංගු ලීටර් 18 ක, එසේත් නැත්නම් කිලෝග්‍රෑම් 9.6ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේවෙතත් දිස්ත්‍රික් මට්ටමින් අදාළ මිල ගණන්වල වෙනස්වීමක් සිදුකළ හැකි අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල උපරිම සිල්ලර මිල රුපියල් 1,150ක් වේ.

කළුතර දිස්ත්‍රික්කයේ ගෑස් සිල්න්ඩරයක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,158ක් වන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ එය රුපියල් 1,181ක් ලෙස ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් වැඩිම මිලකට අලෙවි කළ හැකි වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එහිදී අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල රුපියල් 1,259කි.

Related posts

වෛද්‍ය ෂාෆි ට එරෙහිව පැමිණිලි 723 ක්

colombotoday

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරු සංකේත වැඩවර්ජනයක

Admin

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

Admin

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව යළි ස්ථාපනයට අනුමැතිය

colombotoday

නිරෝදායන නීති කියා දෙන්න ගිය PHIට පහරදුන් දෙදෙනා රිමාන්ඩ්

colombotoday

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකු අසාදු ලේඛනයෙන් ඉවත් කරයි

Admin