Colombo Today Local News

රටේ මීළග නායකයා ගැන ජපානයේ ධම්මාලෝක හිමිගෙන් අනාවැකියක් (Video)

තුන්හිටියාවේ ධම්මාලෝක හිමිගෙන් ජපානයේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ පැවති උත්සවයකදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබදව මෙසේ අනාවැකියක් පල කළේය.

” ඔබතුමා අපේ ආරාධනයෙන් මෙම අවස්ථාවට සහභාගි වන්නේ ජාතිය රකින ආගම, රකින, සිංහලයින්ගේ සිංහලකම රැක ගන්නට උර දෙන අප හැම ගරු කරන බෞද්ධ නායකයෙකු ලෙසයි. අද ඔබ තුමා සාමාන්‍ය කෙනෙකු ලෙස මෙහි පැමිණ, තව වසර සිය දහස් ගුණයක් ලෝක බෞද්ධයන්ට වදින්න පුදන්න මේ සමාධි පිළිමය නිරාවරණය කලා. මුළු මහත් ජාතියම ගරු කරන, නායකත්වයට පත්වෙන තුරු රටම බලා සිටින ඔබතුමාගෙන්, මේ මහා අභිමානවත් සභාවේදී රාජ්‍ය තාන්ත්‍රික ඉල්ලීමක් සිදු කිරීමට අප කැමතියි. ඔබතුමා කවදා හෝ “අපේ නායකයා” වෙනවාමයි. එසේ අපේ ජනපති වූ පසු ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ශ්‍රී ලංකා රජයෙන් ජපන් රජයට පරිත්‍යාග කරන්න. ඔබ තුමා ජනාධිපතිවරයා හැටියට ශ්‍රී ලංකා රජයෙන් රැගෙන ඇවිත් මෙහි රෝපණය කරන්න. අපි බාරකාරත්වය රැගෙන ඒ ශ්‍රී බෝධිය රැකගන්නම්” යැයි උන්වහන්සේ ප්‍රකාශ කලහ.

තුන්හිටියාවේ ධම්මාලෝක හිමි මෙසේ ප්‍රකාශකලේ ජපානයේ සම්බුද්ධාලෝක විහාරස්ථානයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍ය මහෝත්සව සභාව අමතමිනි.

Related posts

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday

Braking : CSN විකාශන බලපත්‍රය අත්හිටුවයි

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ඇදිරි නීතිය

colombotoday

රිෂාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර

colombotoday

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

colombotoday