Colombo Today Local News

වව්නියාව කොක්එළියට යළි තර්ජන.. ආයුධ සන්නද්ධ කල්ලියක් සිංහල ගම්වැසියන් එලවා දමයි

ගිනිඅවි රැගත් පිරිසක්, වවුනියාවේ කොක්එළිය ගම්මානයේ පදිංචිකරුවන් බිය වැද්දීම හේතුවෙන් එහි පදිංචිව සිටි විශාල සංඛ්‍යාවක් මේ වනවිට ගේ දොර අතහැර ගොස් ඇතැයි ගම්වාසීහු පවසති.

මෙම කණ්ඩායම ගම්වැසියන්ට තර්ජන එල්ල කරන්නේ ඔවුන්ගේ පාරම්පරික ඉඩම් අත්පත් කරගැනීමේ අපේක්ෂාවෙන් බවද කොක් එළිය ගම්මානයේ වැසියෝ චෝදනා කරති.

මීට මාස තුනකට පමණ පෙර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු නායකයෙකු වූ සින්නවන් ඇතුළු පිරිසක් ගම්වාසීන්ට කළ තර්ජන හේතුවෙන් අත්අඩංගුවට පත් වූ නමුත් ඔහු නිදහස ලබා පැමිණීමෙන් පසු යළිත් තර්ජනකාරී තත්ත්වයක් ආරම්භ වී ඇති බව ගම්වාසීහු කියා සිටියහ.
යුද්ධය නිමා වීමෙන් පසු ස්ථිර වශයෙන් යළි පදිංචිය සදහා ගම්වැසියන් නැවත කොක් එළිය ගම්මානයට පැමිණ ඇත්තේ 2010 වර්ෂයේදීය.

තර්ජන හේතුවෙන් පදිංචිය හැරදමා ගිය නිවසක්

ගම්වාසීන් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රශ්නයෙන් තමන් මුදවාගෙන ගම්මානයේ ඉතිරිව සිටින පිරිසට ආරක්ෂාව හා සංවර්ධන පහසුකම් ලබා දෙන ලෙසයි.

මේ පිළිබදව වවුනියාව සහ මන්නාරම දිසාවන් බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සින්නවන් ඇතුළු පිරිසට එරෙහිව පොලීසිය නීතිය ක්‍රියාත්මක කොට ඇති බවය.

වවුනියාව කොක්එළිය ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම ගම්මානයේ පොලිස් මුරපොලක් පිහිටුවීමට කටයුතු යොදා ඇති බවත් නිරන්තරයෙන්ම මේ ගම්මානයේ වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

BBC

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ලබාදුන් ඉඩම් හිමිකම් ඔප්පු

 

Related posts

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

විමල් වරදකරුවෙයි… ටිල්වින්ට කෝටියක් ගෙවන්න අධිකරණය නියෝග කරයි…

colombotoday

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 380ක් අවභාවිතා කරලා.. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සාක්කි දෙයි

colombotoday

පොලිස්පති ප්‍රකාශයක් දීම මගහරී… ජනපති ඝාතන කුමන්ත්‍රණ පරීක්ෂණය ඇන හිටී…

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

“ලංකාවේ අධිකරණ පද්ධතිය ගැටළුකාරීයි.. යුධ අපරාධ හොයන්න හයිබ්‍රිඩ් අධිකරණයක් ඕනෑ“ – අල් හුසේන්

colombotoday