Colombo Today Local News

පුංචි ඡන්දයට තවත් බාධකයක්.. තව කල්යන ලකුණු.. හේතුව මැතිවරණ කොමසාරිස් කියයි

සීමා නිර්ණය ගැසට් කිරීමෙන් පමණක් පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, තවත් ගැසට් නිවේදන දෙකක් මැතිවරණය පැවැත්වීමට නිකුත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ ඉන් එක් ගැසට් නිවේදනයක අදාළ පළාත් පාලන ආයතනවලට තෝරා ගන්නා සභිකයන් ප්‍රමාණය කොතරම්ද යන්න නිවේදනය කළයුතු බවයි

මීට අමතරව 2016 අංක 1 පනතට අනුව පළාත් පාලන ආයතන කාන්තා නියෝජනය පිළිබඳව සඳහන් කර තිබෙන බවත්, ඒ පිළිබඳවත් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළයුතු බවත් මෙම ගැසට් නිවේදන දෙකට අමතරව පනතේ පවතින තාක්ෂණික ගැටලු කිහිපයකටත් සංශෝධන අවශ්‍ය බැවින් එය පාර්ලිමේන්තුව විසින් සිදු කළයුතු බවත් ඔහු පවසයි.

එසේ නොමැතිව සීමා නිර්ණයන් ගැසට් කළ පමණින් මැතිවරණය පැවැත්විය නොහැකි බවත්, මෙම ගැසට් නිවේදන දෙකවත් අඩුම තරමින් කඩිනමින් ප්‍රකාශයට පත් කළයුතු බවත් ගැසට් නිවේදන තුනම ප්‍රකාශයට පත් කළහොත් තාක්ෂණික ගැටලුවලට වෙනත් ක්‍රමයකින් විසඳුම් ලබාගෙන හෝ මැතිවරණය පැවැත්විය හැකි බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් CIDයට

colombotoday

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

බදු බර කොත්තුවෙනුත් දැනෙයි.. රයිස්, ඩෙවල් රුපියල් 10කින් නගී.

colombotoday

බංග්ලාදේශයට ලකුණු 236ක ඉලක්කයක්

Admin

බුද්ධි අංශ නිශ්ක්‍රීය වෙලා.. උතුරු නැගෙනහිර තත්ත්වය බරපලයි !

colombotoday