කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධරී වසම් 4 ක් හුදකලා කර තිබේ.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, මාවනැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල යන පොලිස් බල ප්‍රදේශවල ග්‍රාම නිලධරී වසම් 4 ක් අද (26)දින උදෑසන 6.00 සිට එලෙස හුදකලා කළ බවයි.
මේ අතර කිරිබත්ගොඩ, නාහේන ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා බව ඉවත් කර තිබේ.