Colombo Today Local News

හිටපු ඩී.අයි.ජී අනුර සේනානායකට මිනීමැරීම් චෝදනා

anura senanayake

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අදාළ ඝාතන සිද්ධියේ කරුණු වසන් කිරීම, විමර්ශන යටගැසීම, අපරාධ සැගවීම, සාක්ෂි විනාශ කිරීම යන චෝදනාවලට අමතරව මිනීමැරීමේ චෝදනාද එල්ලවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

ඊයේ සවස අත්අඩංගුවට ගත් අනුර සේනානායක මහතා ලබන 26 තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ, තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් සේ සලකා විමර්ශන සිදු කරන ලෙස අනුර සේනානායක මහතා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

එමෙන්ම සිද්ධිය වූ දිනට පසු දින අළුයම සිවිල් ඇදුමෙන් සැරසී අනුර සේනානායක මහතා අදාළ ස්ථානයට පැමිණ ඇති බවට සාක්ෂි ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළේය.

වසීම් තාජුඩීන් ගේ මුදල් පසුම්බිය සොයාගෙන ඉදිරිපත් කල පොලිස් නිලධාරියාට අනුර සේනානායක මහතා පරුෂ වචනයෙන් බැන වැදී ඇතැයි ද අනාවරණය විය.

තාජුඩීන් අනතුරක ප්‍රතිඵලයක් වශයෙන් මියගිය බවට පරීක්ෂණ කරන ලෙස පොලිසියේ පහළ නිලධරයන් දෙදෙනකුට බලපෑම් කර ඇතැයි ද සාක්කි යටපත් කිරීම හා මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ ඔහුට චෝදනා නැගීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇතැයි රහස් පොලිසියේ අධිකාරී ශානි අබේසේකර මහතා මහේස්ත්‍රාත් හමුවේ කියා සිටියේය.

Related posts

පොඩි ලැසීට නීතීඥවරුන් පෞද්ගලිකව හමුවීමට ඉඩ සලසා දෙන්නැයි නියෝග

colombotoday

පුවක්පැළේදී බස් රථයක් පෙරලී 17ක් රෝහලේ

colombotoday

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

colombotoday

‘මහා නාහිමිවරු එපා කීවට අලුත් ව්‍යවස්ථාවක් ඕන‘ – ජවිපෙ

colombotoday

2025 දී ලංකාවේ බලය අල්ලන ඩයස්පොරා මෙහෙයුමක්.. හින්දු සම්මේලනය හෙළිකරයි (Video)

colombotoday

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

colombotoday